බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා  ධනපතීන් සමග එක්ව සාමාන්‍ය වැසියන්ට පීඩා කරයි. ( නිධන් සෙවීම ගැන වීඩියෝව)

බලංගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සාමාන්‍ය මිනිසුන්ගේ පැමිණිලි නිසි ලෙස විභාග නොකරන බවත් සාමාන්‍ය ජනතාවට,  ධානපතීන්ගෙන් සහ විවිධ දේශපාලන සබඳකම් තිබෙන පුද්ගලයන්ගෙන්  සිදුවන හිංසා සහ පීඩන වලට එරෙහිව පැමිණිලි කිරීමට යන විට එම පැමිණිලි නිසි ලෙස ලියා නොගන්නා බවද,  එසේ නිසි ලෙස ලියා නොගන්නා පැමිණිලි විභාග කිරීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිලි කරුවනට පීඩා කරමින් විත්තිකරුවන්ගේ පැත්ත ගෙන කටයුතු කරන බවද ලිඛිතව මෙන්ම පටිගත කරන ලද හඬ පටද අප වෙත ලැබී තිබේ.  

මීට අමතරව උග්ගල් අලුත්නුවර කුඩා කතරගම දේවාලය ඉදිරිපිට නිධන් සෙවීම සදහා සිදු කර තිබෙන විශාල කැණීමක් පිළිබදවද කර තිබෙන පැමිණිල්ලේ විත්තිකරුවන්ට එරෙහිව මෙතෙක් නඩු පවරා නැති බවද වාර්තා වෙයි. ඒ පිළිබදව සොයා බලන අපගේ ඕපනායක වාර්තා කරු පැවසුවේ පුරා විද්‍යා වාර්තා නොමැති නිසා තවමත් නඩු පවරා නැති බවයි. කෙසේ වුවත් පුරා විද්‍යා පනතට අනුව ඒ ආකාරයෙන් කැනීම් කිරීමට බලයක් නොමැති අතර එසේ කැනීම් කරන්නේ නම් ඒ සදහා පුරා විද්‍යා නිලදාරියෙකුගේ අධීක්ෂණයක් තිබිය යුතුය. නමුත් මෙම ස්ථානය තුල එවැන්නක් සිදුව නැති අතර පොලිසිය නීතිය නොදැනීම හෝ හිතා මතාම වැරදි කරුවන් ආරක්ෂා කරන කරන බව යන දෙයාකාරයෙන්ම අපට සිතිය හැකි වුවත් වුවත් මේ වන විට අපට අනාවරණය වී තිබෙන්නේ බලංගොඩ පොලිස් ස්ථානාධිපති හිතා මතාම වැරදි කරුවන් බේරා ගැනීමට කටයුතු කරන බවයි. උග්ගල් අලුත්නුවර කුඩා කතරගම දේවාලය ඉදිරිපිට සඳකඩ පහන දෙපස සහ යටින් හැරීමේ සිද්ධිය පිළිබඳව නිසි ලෙස කටයුතු සිදු වී නොමැති බව ඉතාම පැහැදිලිය.

උග්ගල් අලුත් නුවර දේවාලයේ සදකඩ පහන දෙපස බිම හරා මුරගල් වලට හානි කර තිබෙන අයුරු.

අප මීට පෙරද බලංගොඩ පොලිසිය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා කර තිබෙන නමුත් අදාළ පොලිස් නිලදාරීන්ගේ නම් එලි දැක්වීම සිදුකර නොකළ නමුත් බලංගොඩ පොලිස් ස්ථානයේ සිදුවීම් පෙළ සහිත වීඩියෝ සහ හඬ පටද පලකිරීමට සිදුවනු ඇති බවද වැඩි දුරටත් සදහන් කරන අතර මහජනතාවගෙන් වැටුප් ලබන පොලිස් නිලදාරීන් සහ ස්ථානාධිපතිවරුන් මහජනතාවට පීඩා කිරීමෙන් දිගින් දිගටම පොලිස් දෙපාර්තමේන්තුව පිරිහෙන අතර සාධාරණ පොලිස් නිලදාරීන්ට එය මහා පීඩාවක් වනු ඇත.

උග්ගල් අලුත්නුවර කුඩා කතරගම දේවාලය ඉදිරිපිට සදකඩ පහන පිළිබදව කර ඇති පුරාවිද්‍යා පනත උල්ලංගනය කිරීම ආදී සදාහ වන පැමිණිල්ල පිළිබදව උසස් නිලධාරීන් විමසු විට ඔහු ලබා දෙන පිළිතුර වන්නේ “ එය අධිකරණයට වාර්තා කළා sir . තවම පුරාවිද්‍යා වාර්තා ආවේ නැහැ sir “ ලෙසයි. පොලිස් ස්ථානාධිපති නීතිය නැමීමට භාවිතා කරන එම වචනය කිසිවක් නොදන්නා අයට , “එහෙමද” ලෙස අසා නිහඩව සිටීමට හැකි වුවත් පුරා විධ්‍යා පනත ගැන දන්නෝ , පොලීසිය “ගොරකා දඩ මස් කරන්නේ “ කෙසේදැයි හොදින්ම දනී. පනතට අනුව සහ පෙනෙන්ට තිබෙන වීඩියෝ එකට අනුව පුරා විද්‍යා වාර්තා අවශ්‍ය නැති අතර එය වැරදි කරුවන් බේරීම සදහා ගසා ඇති ගැටයකි.

එබැවින්, බලංගොඩ පොලිස් ස්ථානාධිපතිගේ මෙම කණගාටුදායක හැසිරීම පිළිබදව අනෙකුත් සාක්ෂි සහිත ලිපිය ඉදිරියේදී අප විසින්ම පලකිරීමට කටයුතු කරන අතර මේ වන විට පැමිණිලි විශාල ප්‍රමාණයක් විභාගයට නොගෙන තිබෙන බැවින් අප ඒවාද ඉදිරියේදී පල කරනු ඇත.

රාවණා විශේෂ සටහන

අප මීට දින කිහිපයකට පෙර ගොඩකවෙල පොලිස් ස්ථානයේද මාස කිහිපයක් යන තෙක් විභාග නොකරන ලද පැමිණිල්ලක් පිළිබඳවද අනාවරණය කර තිබේ. එහිදීද සිදුව තිබෙන්නේ ප්‍රබලයා ට බියේ පොලිස් නිලදාරීන් නිහඩව සිටීමයි. තමන්ට පඩි ගෙවන්නේ මේ ප්‍රබලය නොවන බව ඔවුන් අමතක කර තිබෙන නමුත් කල යුත්තේ කුමක්ද යන්න අප එහි සදහන් කර තිබේ. දේශපාලන බලයෙන් පොලිස් ස්ථානනාධිපතිවරු  ලෙස පත් වන බොහෝ පොලිස් නිලදාරීන්ට මනා පෞරුෂත්වයක් නැති අතර ඔවුන් අනුන්ගේ පහනිනේ එලිය බලන්නට සහ කේලාම් කියමින්, කොටවමින් තමන්ගේ දේ වෙනුවෙන් වෙහෙස වන්නන් විනා නීතියට ගරු නොකරන, නීතිය පසෙක දා දේශපාලනකයාට අවශ්‍ය ලෙස කටයුතු කරන රාජකාරිය සහ නීතිය පාවා දෙන්නෙකි. එබැවින් මහජන මිත්‍ර ශීලී පොලිසියක් අවශ්‍ය නම් පොලිස් ඇමතිවරයා පවා කල යුත්තේ දේශපාලකයන් පසු පස ගොස් තනතුරු සහ උසස්වීම් ගන්නා ක්‍රමවේදය තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. එසේ නොමැතිව ආණ්ඩු මාරු  සමග මාරු වන දේශපාලනික වූ පොලිස් ස්තානධිපතිවරු සහ එවැනි නිලදාරීන් සිටිනා තාක් මේ දේශයේ  සිදුවන මහජන පීඩා මෙන්ම අපරාධකරුවන් බිහිවීම නොනවතිනු ඇත.

බලංගොඩ පොලීසිය සහ සම්බන්ධ අනෙකුත් පැරණි පුවත්

https://www.ravanalankanews.lk/8117/01/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b7%85%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85/42/23/
https://www.ravanalankanews.lk/9207/02/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b6%ad%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1/23/22/
https://www.ravanalankanews.lk/9071/02/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b8%e0%b7%9a%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92/43/08/
Exit mobile version