බස්නායක නිළමේවරු පාතාල සාමාජිකයන් හමුවෙති. ඊ ලඟ දියවඩන නිළමේ පත් කරගැනීමේ  තරඟය ඇරඹේ.

විහාර සහ නින්දගම් වල ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙන නමුත් ඔවුන්ගේ ප්‍රශ්න විසදීම සදහා කටයුතු කල යුතු නිසි බලධාරියා වන බෞද්ධ ශාසන අධ්‍යක්ෂක ජනරාල්වරයා නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් තම තනතුර තුල ඉදිමින් තම ආගමේ නාමයෙන්ම දැවැන්ත පාපයක් එකතු කරගනිමින් සිටි.

ඔහුගේ එසේ නිකමෙකුගේ ප්‍රතිපත්තිය මත සිටින විට 2025 හෝ 2024 දී පැවැත්වීමට නියමිත බව සදහන් වන දියවඩන නිලමේ නිලවරණය සදහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බවට සැලකෙන පුද්ගලයෙකුට මැර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සමග පසු ගිය සතියේ සාකච්චාවක් පවත්වා තිබේ.

කෝට්ටේ මාදිවෙලදී සහ බැද්ධගානේදී පවත්වා ඇති මේ සකච්චාව සදහා ප්‍රධාන නිලමේවරයෙකු සමග තවත් පුද්ගලයෙකු සහභාගි වී තිබේ.

එක් පාතාල සාමාජිකයෙකු ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් තවත් පාතාල සාමාජිකයෙකු හමු වී ඇති අතර ඔහුද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

දෙවියන් හෝ බුදුන් ගැන නොදත්, ශ්‍රී ලාංකිකයන්ට බුදු දහමේ සහ දේව ආශිර්වාදය ලබා ගැනීමට තිබෙන දේවාල මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේද සිවිල් බාරකරුවන් තම ආගම සහ ජාතිය මේ වන විටත් විකුණා හමාරය. ඔවුන් සිදු  කර තිබෙන මහා පරිමාණ වංචා සහ දූෂණ යට ගසන්නේද , ඒවාට උදව් කරන්නේද රාජ්‍ය පරිපාලන මෙන්ම උසස් දේශපාලන අධිකාරිය සහ උසස් පොලිස් නිලධාරීන්ය. කෙසේ වුවත් මේ වන විට නින්දගම් වැසියන් එවැනි පාලකයන්ට විරුද්දව නැගී සිටිමින් සිටින අතර පාලක පන්තියේ වැරදි නිසා පාලක පන්තියට ජනතාව පහර දීමට පෙළ ගැසෙමින් සිටිති.

බුදු දහමේ නාමයෙන් , එය ආරක්ෂා කිරීමට කැප කල යුතු නිළමේවරුන් මෙසේ පාතාලය සමග සබඳකම් පවත්වමින් තම ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට ගන්නා උත්සාහය නින්දිත වන අතර, දේවාල මෙන්ම ශ්‍රී දළදා මාලිගාව සහ එහි සංස්කෘතික උරුමය  විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව විවිද පරීක්ෂණවලට සහ කොමිෂන් සභා වල පෙනී සිටීමටත් සිදු වනු ඇති බවද ඔවුන්ගේ නීති විරෝදී වැඩ වලට ආධාර අනුබල දෙන අධ්‍යක්ෂක ජනරල්වරුන්ටද, ඔවුන් විශ්‍රාම ගොස් සිටියද ඒවායින් ගැලවීමට නම් ඉඩක් නොලැබෙන බව නම් විශ්වාස බව මේ තොරතුර අප වෙත ලබා දුන් විශේෂ ලියුම්කරු සඳහන් කර තිබේ.

රාවණා සටහන

මේ ලිපිය ලද මොහොතේ අපට මෙසේද සිතිනි. හිටපු යුධ හමුදා මේජර් වරයෙකු මරා දැමීම,  මරණය කූට ලෙස ස්වභාවික මරණයක් බවට පත් කිරීම, දළදා මාලිගාවට අයත් ඉඩම් වල කොස් ගස් කපා මිණිපුර නමැති පොලිස් නිලදරියාගේ පිටින් තබා පසුව ඔහුට නැවත රැකියාව ලබා දීම, උඩවලව වනයෙන් හොරෙන් රැගෙන ආ ඇත් පැටවෙකු දියේ ගිල්වා මරා දැමීම, රත්තරන් බුදු පිළිම අතුරුදහන් කිරීම, චන්ද දායකයන්ට අල්ලස් ලබා දීම, පසු ගිය අවුරුද්දේ තිබු අවසන් රන්දෝලි පෙරහරේ ඇති වූ අලි කුලප්පුවෙන් පසු සජීවී ලෙස පැරණි පෙරහරක් පෙන්වීම ඇතුළුව ශ්‍රී දළදා මාලිගාවේ සම්පත් හොරකම් කිරීම, ඇතුළු චෝදනා රාශියක් තිබුනත් නිළමේලාට කිසිදු නඩුවක් නැත. තිබු නඩුද අධිකරණ නොමග යවමින් ඉවත් කරගෙන තිබේ. මේ නිලමේලාට සහ ගෝලයන්ට තිබෙන්නේ පුදුම හයියක් බව බොහෝ දෙනෙකු සිතන බව නම්  අපද දනී.

එපමණක්ද, යුරෝපානු සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලය නිල වශයෙන් පත් කර තිබෙන තරුණ සංවර්ධන නිලදාරියෙකු වන අප මාධ්‍ය ආයතනයේ හිමි කරුට විරුද්ධවද මහනුවර පොලිසියේ පැමිණිලි යෙදුවේ ඔවුන්ගේ නිවැරදි බව ලෝකයාට පෙන්වීමටයි.

ජාත්‍යන්තරය පවා පිළිගත් අයෙකුට විරුද්ධව නීතිය නමන්නට ගොස් ඇණ ගත් නිලමේවරුන් ගණනාවකගේ වංචා දූෂණ එළිදරව් වීමෙන් අපට පෙනී යන්නේ එකම එක දෙයකි. ඔවුන්ගේ එළිදරව් වූ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වේ යයි බියට පත් වීමෙන් 2025 නිලවරණය උණුසුම් වනු ඇත. එපමණක්ද නොව තම ප්‍රතිවාදීන් මරා දැමීමට වුවද ඔවුනොවුන් කටයුතු කරනු ඇත. කෝට්ටේ බැද්දගානේ , සහ මාදිවෙල පාතාල සාමාජිකයන් සොයා ගිය නිලමේවරුන් දෙදෙනා එම පණිවිඩය අපට ලබා දෙයි.  

එහෙත් සියලුම දේ හොදින් තිබුණු රටේ විනාශයට මේ  නිලමේලාද වග කිව යුතුය. මීට අවුරුදු කිහිපයකට පෙර සෙරෙප්පු දෙකක් පැළදගෙන පත්තිනි දේවාලෙට පැමිණි පුද්ගලයන්ද අද කෝටි ප්‍රකෝටි පතියන් වූ පුද්ගලයන්ට මෙන්ම තම ආගමත්, දෙවියනුත් විකුණාගෙන කන පාපතරයන්ට මිහිපිටම දඩුවම් ලැබෙන බව ආගම දහම තුලින්ම පෙන්වා දී  තිබේ. එබැවින් 2025 හෝ 2024 පැවැත්වෙන්නට යෙදෙන නිලවරනයෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඊ ලඟ භාරකරු බවට පත් වනු ඇත්තේ පවතින විෂට පහර දිය හැකි ප්‍රබල විෂක් සහිත පුද්ගලයෙකු වනු ඇත. එය සොබා දහම නිසි ලෙස නිර්මාණය කර දෙනු ඇති අතර 2024 හෝ 2025 එය වෙනස් නොවී වර්තමාන භාරකරුවන්ම, නැවතත් භාරකරුවන් බවට පත් වුවහොත් එය ශ්‍රී දළදා මාලිගාවේ අභාවයේ ප්‍රමුඛතම සංඛේතයක් වනු ඇත.

Exit mobile version