ගොවිතැනත් නැති වන ලකුණු
පොහොර මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන හිඟය හේතුවෙන් තම වෘත්තීය කරගෙන යාමට නො හැකි තත්ත්වයක් මතු ව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.
ඌව පරණගම ගොවී එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ, සිය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය කිසිදු අයුරකින් මැදිහත් නොවන බවයි.
රසායනික පොහොර මිටියක් මේ වන විට රුපියල් 17,000 දක්වා ඉහළ ගොස් ඇති බව මාධ්‍ය හමුවට එක්වෙමින් ඌව පරණගම ගොවි එකමුතුවේ ලේකම් එස්.එම්.කරුණාරත්න සහ එහි කැඳවුම්කරු ඩබ්ලිව්.එම.ගුණවර්ධන සදහන් කරන ලදී..