හෙට මහනුවර නගරයේ උද්ඝෝෂණ දෙකක් පැවැත්වෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙයි. එකක් හෙට උදෑසන 08.00 ට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාගේ ප්‍රධානත්වයෙන් කිරිබත්කුඹුර සිට පේරාදෙණිය, ගන්නොරුව, ගැටෙඹි හරහා නුවරට පා ගමනක් පැවැත්වේ. එය පැවැත්වෙන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට සහයෝගය පිණිසයි.
දහවල් 01.00 ට නුවර තරුණයන් විසින්ද උද්ඝෝෂණයක් පවත්වන්නට නියමිත බවද වාර්තා වේ. තරුණයන්ගේ උද්ඝෝෂණය පැවැත්වෙන්නේ රජයට විරුද්දව නම් අනිවාර්යෙන්ම ගැටුමක් සිදු විය හැකිය. අපට ලැබෙන තොරතුරුවලට අනුව තරුණයන්ගේ උද්ඝෝෂණය පැවැත්වෙන්නේ රජයට විරුද්ධවයි.