දළදා මාලිගාවට පූජා කරපු ඩොලර් මිලියන ගණනක් අතුරුදහන්. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවභාවිතා කරලා.

විදේශීය ජාතිකයන් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද ඩොලර් රුපියල් වලට පෙන්වා තිබෙන බව වාර්තා වේ. කෙසේ වුවත් අවුරුදු ගණනාවක සිට නිසි විධිමත් විගණනයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල සිදුව නැති බවද අප මීට පෙරම වාර්තා කරන ලදී.

අපට ලැබී තිබෙන විඩියෝ සාක්ෂිවලට අනුව අවුරුදු ගනනාවක් පුරා විදේශීය ජාතිකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද ඩොලර් රුපියල් ලෙස ගන්නන් බලා තිබේ. එසේ ලැබෙන ඩොලර් සහ මාලිගාවේ තිබු මැණික් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් ජපානය, තායිලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වලට රැගෙන ගොස් තිබේ. එම ඩොලර් විදේශීය බැංකුවල ඇති ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්වල තැන්පත් කර තිබේ. එම විස්තර මේ වන විටත් බොහෝ පුද්ගලයන් ලබා ගෙන තිබේ. ඔවුන් අපටද ඒවා යොමු කර තිබේ. එසේම විදේශ රටවල් කිහිපයක නිවාසද තිබෙන බව වාර්තා වේ.

එසේම අවුරුදු ගනනාවක් පුරා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් භාරකරු වන ප්‍රදීප් නිලංග දෑල මහතා සහ එහි මාධ්‍ය අධ්‍යක්ෂකට විරුද්දවද දිගින් දිගටම විවිධ චෝධනා එල්ල වේ. එම චෝදනා සදහා සියලු දේ සාක්ෂි සහිතවම අප මීට පෙර වාර්තා කරන ලදී.

ඒ කෙසේ වුවත් එම කිසිදු පැමිණිල්ලක් විභාග කිඊමට ශ්‍රී ලංකා පොලිසිය හෝ බෞද්ධ සාසන අධ්‍යක්ෂක ජනරාල් කටයුතු කර නැත. එසේම බෞද්ධ ශාසන අධ්‍යක්ෂක ජනරාල්ට ලක්ෂ ගනනිනේ අල්ලස් ලබා දී තිබේ. දළදා මාලිගාවේ මෙන්ම පන්සල් වලට මෙන්ම දේවල වලට පූජා කරන මුදල් සහ අනෙකුත් භාන්ඩ මෙන්න මේවා යයි කියා ඔප්පු කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. ඒවා දන්නේ භාරකරුවන් පමණි.

දෙවියන් බුදුන් සමග සෙල්ලම් කරන, දෙවියන් බුදුන් සිටින බවට විශ්වාස කරන රටක මිනිසුන්ගේ සහ රටේ උන්නතිය වෙනුවෙන් වැඩ කල යුතු බෞද්ධ සාශන අධ්‍යක්ෂක ජනරාල් විහාර සහ දේවාල විනාශ කරන්නට අනුබල දෙද්දී පුරවිධ්‍යා අධ්‍යක්ෂක ජනරාල් නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන සමහර සේවකයන් කෝටිපතියන් උනේ කොහොමද?. ඔවුන්ගේ මුදල් විදේශ බැංකු වලට ගියේ කොහොමද?. විහාර සහ දේවාල වල තිබෙන පැරණි රත්තරන් මෙන්ම ත්‍රිවිද රත්නයේ අසීර්වාදය සහ දෙවියන්ගේ අසීර්වාදය වෙනුවෙන් මිනිසුන් පූජාකරන රත්තරන් සහ මුදල් සමග මෙසේ වෙට්ටු දමන නිලමෙවරුන් සහ සේවකයන්ට දිය යුතු දඩුවම් නොදෙන්නේ ඇයි ?.

රියදුරන් කෝටිපතියන් වීම, සෙරෙප්පු දෙකක් බස් එකෙන් මහනුවරට පැමිණි, හෝමාගම කුලී කාමරයක සිටි පුද්ගලයන් අද ප්‍රකෝටිපතියන් වුයේ කෙසේද?. දෙවියන් සහ මිනිසුන් අවදියෙනි. මෙරටට අද මෙසේ වීමේ වගකීමෙන් කොටසක් ඔවුන්ටද හිමිය.

ඒ අතරම දිවයිනේ සියලුම වෙහෙර විහාර සහ පන්සල් වල සිදුවන අකටයුතුකම් වලට එරෙහිවත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් පාලකයන් විසින් සිදු කර තිබෙන ඉඩම් විකිණීම්, වෙනත් වංචා, දූෂණ, මිනී මැරුම්, පාරම්පරික රාජකාරිකරුවනට සිදුව තිබෙන අසාධාරනකම් වලට එරෙහිව නිහඩ විරෝධතාවයක් 2022 04 16 වන දින පැවැත්වෙන බවට අන්තර්ජාලය වාර්තා කරයි.

Exit mobile version