11 සහ 14 දෙදින විදුලි කප්පාදු නැහැ

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ හෙට (11) සහ 14 වන ඉරිදා දිනයේ දිවයිනේ විදුලි කප්පාදු සිදුකිරීමට සැලසුම් කර නොමැති බවයි.

12 සහ 13 දෙදින තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව ,විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

මේ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W යන කාණ්ඩ සඳහා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

Exit mobile version