මහ කන්නයේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 11ක් බෙදා හැර අවසන් බවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
2023/24 මහ කන්නයේ දී වී ගොවීන් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට මුදා හැරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.
මේ සඳහා රජය රුපියල් බිලියන 11.6 මුදලක් වෙන් කළේය.
නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් වී වගාව ආරම්භ කරනු ලබන්නේ අනෙකුත් ප්‍රදේශවලට වඩා පසුව බැවින් දැනට මුදල් ගෙවීමට ඉතිරිව ඇත්තේ එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව අනෙකුත් ප්‍රදේශ වල ගොවීන් කිහිප දෙනකුට අදාල මුදල් ලැබී නොමැති නම් ඊට හේතුව ඔවුන් ලබා දුන් ගිණුම් අංක හෝ නම්වල ඇති දෝෂ විය හැකි බවට ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා කීය.