නර්තන කණ්ඩායමක් ගමන් කරමින් සිටි වෑන් රථයක් බදුල්ල හාලි ඇල ප්රදේශයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
අද (14) මෙම අලුයම මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය වාර්තා කරයි.
නර්තන කණ්ඩායමේ හිමිකරු විසින්ම වෑන් රථය පදවා ඇති අතර රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථය ලිස්සා ගොස් ගසක වැදී මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
තුවාල ලැබූ පිරිස අතරේ අවුරුදු 18 ත් 20 ත් අතර වයස්වල පසුවන ගැහැණු ලමුන් අට දෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සිටින බව සදහන් .
එමෙන්ම මෙම තුවාලකරුවන් පිරිස බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.