නිධන් හාරමින් සිටි 11ක් මාට්ටු .

ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් බල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 11ක් පූජා භාණ්ඩ , උදලු අලවංගු ,මැටි පහන්, සුවද දුන් ඇතුලු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බවට ඌව පලාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි .

ගිරාදුරුකෝට්ට ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී මහියංගණ සොරබොර ,ගම්පහ ගනේගම,වතුරගම මල්වතුහිරිපිටිය , ගල්පෝරුයාය වෙලන්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33,38, 45,46 වයසේ පසුවෙන සිව්දෙනෙකු සහ ඌවපරනගම මස්පන්න  නායගෙදර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටියදී කුබුක්වෙල තෙරිපැහැ, වැලිමඩ කැටකෑල්ල, මස්පන්න  නායගෙදර , කැප්පෙටිපොළ , වැලිමඩ  දිවිතොටවල, නුගතලාව , කැප්පෙටිපොළ යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 36, 39, 33,  32, 42, 31, 29, වයසේ පසුවෙන හත්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව සදහන් .

ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් ස්ථාන වල නිලධාරීන් ලැබුණු තොරතුරක් මත මෙම නිධන් හාරමින් සිටි පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version