අධිවේගී මාර්ග සේවකයින් 11,000 ක් වර්ජනයේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .

අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“අපි අද උදේ 7 සිට රාත්‍රී 7 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අද අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන. ප්‍රධාන ඉල්ලීම අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා. ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා. මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව.”

Exit mobile version