මේ වසරේ මාරක රිය අනතුරු 1126 ක් – මරණ 1190 ක්.

මෙම වර්ෂයේ ජුලි 9 වැනිදා දක්වා කාල සීමාව තුළ මාරක රිය අනතුරු 1126 සහ ඉන් පුද්ගලයින් 1190 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ලෝකයේ සෑම තත්පර 20කට වරක් රිය අනතුරක් හේතුවෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වන බවත් , දිනකට ලෝකයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 3750 ජීවිතක්ෂයට පත් වන බවත් , එය වර්ෂයකට මිලියන 1.2 ත් 1.3 ත් අතර අගයක් ගන්නා බවත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන බව සඳහන් වේ.

මෙම බොහෝ රිය අනතුරුවලට හේතුව මාර්ගය භාවිතා කිරීමේ දී රියදුරන් , පැදිකරුවන් මෙන්ම පදිකයින්ගේ නොසැලකිලිමත්කමත් , අපරික්ෂාකාරීකමත් , මාර්ග නීතිවලට අවනත නොවීමත් බව වාර්තා වේ.

Exit mobile version