රිය අනතුරුවලින් මේ දක්වා කාලය තුළ දරුවන් 115 ක් මිය ගිහින්.

රිය අනතුරුවලින් මෙම වර්ෂයේ ගත වු කාලය තුළ ළමුන් 115 දෙනෙකු පමණ මියගොස් ඇතැයි රථ වාහන පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව මෙම වර්ෂයේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවත් , රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ප්‍රකාශ කර තිබේ .

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,

“අපිට මාර්ග රිය අනතුරු 2,539ක් වාර්තා වෙනවා 2022 වර්ෂයේ දී. 2023 /10/15 දක්වා 1,790ක් වාර්තා වෙනවා මාර්ග රිය අනතුරු. ඉන් අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමුන් 129ක් නැතිවෙනවා. අනිත් එක 2023 /10/15 දක්වා ළමුන් 115ක් නැති වෙනවා. ඉතින් මේක බොහෝම ලොකු අපරාධයක්. ඒ කියන්නේ මාර්ග රිය අනතුරුවලින් වැඩියෙන්ම අපේ නැතිවෙන්නේ ශ්‍රමිකයන්. යතුරුපැදි අනතුරු තමයි අපට වැඩියෙන්ම තියෙන්නේ. උදාහරණයක් වශය‍ෙන් කිව්වොත් ළමයි රිය අනතුරට භාජනය වෙනවා. අම්මායි තාත්තායි හෙල්මට් දාගෙන පුතාව හරි දුවව හරි මැද තියාගෙන යනවා. එයාට හෙල්මට් නෑ. මම දන්නේ නෑ ආදරේ කියන්නේ මොකද්ද කියලා. පාරට වැටුණ ගමන් ඔළුව තමායි පාරේ වදින්නේ.”

Exit mobile version