12 – 15 අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට අනුමැතිය

වයස අවුරුදු 12 – 15 අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සමග කඩිනමින් සැලසුම් සකස් කර එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස ජනපති උපදෙස් ලබා දී ඇත.

අද ( 10) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මේ පිළිබඳව ජනපති සඳහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ කමනි ගුණරත්න මහත්මිය සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීම මත දරුවන්ට එන්නත් ලබා දීම සඳහා දින නියම කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

Exit mobile version