ගත වූ දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් සිවුදෙනකු ඇතුළුව පුද්ගලයන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ .
ඒ අනුව බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්, නාදකුඩුඉරුප්පු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්, හැටන් පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙක් සහ යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරියක් අතුරුදන් වී තිබේ. අතුරුදන් වූ මෙම දැරිය මීට දින කිහිපයකට පෙර මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර පසුගිය 10 වැනිදා දින රාත්‍රියේ ඇය ඉන් පැන ගොස් ඇති බවට එහි ප්‍රධාන පාලිකාව කටුනායක පොලිසියට පැමිණිලි කර තිබේ .
අතුරුදන් පිරිස අතරට නුවරඑළිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, පොතුවිල්හි පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු ඇතුළත් වන බව සඳහන් .
එමෙන්ම නොර්වුඩ්හි පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, මොරටුව පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් , පල්ලම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කම්කරුවක් , කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද ඇතුළත් වන බව වාර්තා වේ .