රාජාංගණයේ වාන් දොරටු 12 ක් විවෘතයි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 12 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 02 ක් අද (09)දින පස්වරැවේ සිට විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ඩී සිල්වා මහතා ප්‍රකාශ කරන ලදී .

අඩි 08 බැගින් වාන් දොරටු 02 ක්,අඩි 06 බැගින් වාන් දොරටු 02 ක්,අඩි 04 බැගින් වාන් දොරටු 04 ක්,අඩි 02 බැගින් වාන් දොරටු හතරක් විවෘත කොට තිබෙන අතර මේ හේතුවෙන් රාජාංගණය ජලාශයෙන් තත්පරයට ඝණ අඩි 15,100 ක ජල ප්‍රමාණයක් පිටවන බව සඳහන් .

අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් විවෘත කොට ඇති අතර ඉන් තත්පරයකට ජලය ඝණ අඩි 650 ක ප්‍රමාණයක් පිටවන බවද වාර්තා වේ .

Exit mobile version