ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය ආරම්භ පැමිණි 2020 ජුනි මස ගුවන් හමුදා භටයෙකු විසින් සමාජ වාර්තාවක් සකස් කරමින් එය හිටපු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාට මෙන්ම හිටපු සැපයුම් අධ්‍යක්ෂකවරයෙකු වන එයාර් වයිස් මාර්ෂල් ප්‍රියන්ත වීරසිංහ හට ලිඛිතව භාර දී තිබුනත් එය වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර නැති බව වාර්තා වේ.
අප වෙත ලැබී තිබෙන ලිඛිත සාක්ෂිවලට අනුව එම වාර්තාවේ තිබෙන විශේෂත්වය වන්නේ වර්තමානයේ සිදුව තිබෙන සමාජ සහ ආර්ථික පරිහානිය එහි සඳහන්ව තිබීමයි. එසේම ඒ තත්වය වලක්වා ගැනීම සදහා සිදුකල යුත්තේ මොනවාද යන්නද එහි පැහැදිලිවම සඳහන්ව තිබේ.
එසේම එම වාර්තාව තුල තවත් බොහෝ දේ සඳහන්ව තිබෙන නමුත් එම වාර්තාව සකසා තිබෙන්නේ පහල නිලධාරියෙකු නිසා එය ඉවත්කලාද විය හැකිය. කෙසේ වුවත් මෙවැනි හමුදා නායකයන් තමන්ගේ අනාගතය පමණක් සිතමින් හමුදාවද විනාශ කරන තත්වයක් දැකීමට විනා රට ගැන සිතා තිබෙන බවක් දැකිය නොහැකිය. අප ඉතින් සදහන් කල ගුවන් හමුදා නායකයන් දෙදෙනා කෙතරම් අදක්ෂද යත් එවකට ගුවන් හමුදා භටයන්ට මෙන්ම නිලධාරීන්ටද නිල ඇදුම් පවා ලැබී නැත. එසේම සැපයුම් අධ්‍යක්ෂක ලෙස තමන්ගේ යටත් සේවකයන් දෙස වෛරී දෑසින් බලමින් ඔවුන්ව පීඩාවට ලක් කර තිබේ.
එසේම සමස්ත ගුවන් හමුදාවේම ටෙන්ඩර් කාර්ය පාටිය විකුර්ති කර, ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව කටයුතු කිරීමට අවශ්‍ය වැරදි මර්ගෝපදේශය සකසා තිබෙන්නේද සැපයුම් අධ්‍යක්ෂක ලෙස සිටි ප්‍රියන්ත වීරසිංහ යන ය බවද, නීතිවිරෝදී පරිඝනක පද්ධතියක් ස්ථාපනය කරමින් ගුවන් හමුදාවේ සියලු සේවකයන්ට භාණ්ඩ සහ සේවා ලබාගැනීමේ ක්‍රියාවලිය එපා කරවීමේ කටයුත්තට වගකිව යුත්තේද වීරසිංහ මහතා සහ සුමංගල ඩයස් මහතා බවට තොරතුරු රාශියක් අප සතුව තිබේ. එසේම සුමංගල ඩයස් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙමින් නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීමක්ද පිලිබඳව තොරතුරු අප සතුව තිබේ. මේ සියලු කාරනා අප එකින් එක වෙනමම ලිපි මගින් අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටි.
අනෙකුත් කාරනා කෙසේ වෙතත් , රටේ වර්තමාන තත්වය පිලිබඳව අවුරුදු කිහිපයකට කලින් ඉදිරිපත් කර තිබෙන ලියවිල්ල කුණු කූඩෙට විසිකිරීමේ අපරාධයට මතු දිනයකදී හෝ වගකීමට ඔවුන්ට සිදුවනු ඇත. අද මෙරට ජනතාව දුක් විඳින්නේ එවැනි නිලධාරීන්ගේ අකටයුතුකම් නිසා බවද පැහැදිලිවම වාර්තා වේ. එවැනි සිද්ධීන් මේ දිනවල කෝප් කමිටුවේදී අනාවරණය වෙමින් තිබේ.
සුමංගල ඩයස් මහතා අදටද ලක්ෂ ගනනාවකින් වැටුප් සහ විශ්‍රාම වැටුපක් ලැබුවද, ඒ ලබා ගන්නා රුපියලක් රුපියලක් පාසා මහපොළවට ණයකාරයෙකු ලෙස මියැදීමට සිදුවන බවද, හිටපු සැපයුම් අධ්‍යක්ෂක වීරසිංහ මහතාටද එසේම බව අමතක නොකළ යුතුය.
එසේම මේ දෙදෙනාම පැවති ඊලාම් යුද්ධයේදී රට වෙනුවෙන් සැලකිය යුතු සේවයක් සිදුකර තිබෙන බවද අප අමතක නොකළ යුතුය. වීරසිංහ මහතා තරුණ කාලයේ පමණක් ගුවන් නියමුවෙකු ලෙස විශාල අභියෝගාත්මක දේවල් සිදු කර තිබෙන නමුත් ඉන් පසුව දසක දෙකක් පමණ ගුවන් හමුදාවට සිදුකල සැබෑ සේවයක් වාර්තා නොවේ.
සුමංගල ඩයස් මහතාද පැවති ඊලාම් යුද්ධයේදී තම සේවය උපරිම ලබා දී තිබෙන නමුත් ඊටත් වඩා ඉහලින් ඔහුගේ වංචා, දූෂණ, මෙන්ම අක්‍රමිකතා ද පාලනයේ දුර්වලතා අප වෙත ලැබී තිබේ.
හසිත සමරජීව කොළඹ දිස්ත්‍රික් වාර්තා කරු – ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය වෙනුවෙන්