ශ්‍රී  ලාංකේය තාරුණ්‍ය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය  ලබාදීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මැතිතුමා කැමැත්ත පළකරයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ.

ශ්‍රී ලාංකේය තාරුණ්‍යය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා දීමට ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා පවසන ලදී. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යතුමා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති රැස්වීමකින් අනතුරුවයි.

රටේ පවතින ආර්ථික අර්බුදය  දේශපාලනමය හා සාමාජීය ,සංස්කෘතික  ගැටලු නිර්මාණය වන පරිසරයක රටේ තරුණයා ගාමක බලවේගයක් වශයෙන් හඳුනාගෙන මෙහෙයවීමේ වැදගත්කම පිළිබඳව එහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය මූලික කරගනිමින් විදේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කර රැකියා ගත කිරීමටත්, දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරුණ විමසා එකෙන් බිහි බිහිකිරීමටවසායකයින් බිහිකිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා හට පවසා තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය  ඒකාබද්ධව “යොවුන් වගා සංග්‍රාමය” ආරම්භ කරමින් තරුණ ගොවියා නිර්මාණය කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපොළ විවර කර දීමටත් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කරන බවද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය ආශ්‍රිත වෙළඳපොල තුළ තරුණයා තරුණයාට අවශ්‍ය ව්‍යාපාරික ඉඩප්‍රස්ථාව ලබා දීමට කටයුතු කිරීම තමාගේ තවත් එක් අරමුණක් බව ද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

යොවුන් පාර්ලිමේන්තුවේ හා යෞවන සමාජ සම්මේලනයේ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව ද එහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ යොවුන් පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු පනතකින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

ශ්‍රී රාවණා සටහන

ඉහත අකාරයෙන් හෝ තාරුණ්‍යයේ අනාගතය සවිමත් කිරීමට අවධානය යොමු කිරීම ඉතාම වැදගත් නමුත් එයද තාවකාලික කටයුත්තකි. තාරුණ්‍ය සැකසිය යුත්තේ රටේ ඉදිරිපවත්ම යාවත්කාලින් කිරීම සදහාය. අමාත්‍යවරයා සදහන් කර තිබෙන්නේ කෙටි කාලීන සැලසුම් වන අතර එයින් දීර්ඝ කාලීන සැලසුමක් ලෙස දැකිය හැක්කේ යොවුන් පාර්ලිමේන්තුව පමණි. නමුත් එයින්ද සිදුවන්නේ එක්තරා නායකයන් කොටසක් බිහිවීම පමණි.

නමුත් රටක ඉදිරි පැවැත්ම යාවත්කාලින කිරීමට නම් සියලුම තරුණයන් කෙරෙහි අවධානය යොමු කල යුතුය. කොටසක් පමණක් නොව රටේ ඉදිරිදැක්මට සියලුම තරුණයන් දායක කරගත යුතුය. එය පිළිගත් ක්‍රමයකින් හැර වෙනත් අකාරයකින් කල නොහැක.

එහිදී අවධානය යොමුකළ යුත්තේ තාරුණ්‍ය වෙනුවෙන් ස්ථීරසාර වැඩසටහන් මෙන්ම තරුණයන්ට සිදුවන අකටයුතුකම්, අසාධාරනකම් ආදිය සදහටම අවසන් කරන වැඩ සටහනකටද ය යුතුය. ඒ පිලිබදව ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය පිලිබදව උගතුන්ගෙන් උපදෙස් ගත යුතුය. පසුගියදා චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර් ජාල වැඩසටහනකිදීද අනාවරණය වුයේ ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනයක් සිදු නොවන බවයි.

Exit mobile version