ශ්‍රී ලංකාවේ පවතින විනාශකාරී වාතාවරණය යම්තම හෝ මගහරවා ගැනීමට නම් අඩුම තරමින් ඉන්ධන ටිකවත් මිනිසුන් වෙනුවෙන් ලැබිය යුතුය. දශක කිහිපයක අයහපත් රාජ්‍ය පරිපාලනයේ ප්‍රතිපලයක් ලෙස සෝමාලියාවක් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සදහා ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා කටාර් රාජ්‍ය බලා ඊයේ පිටත්විය.
එහිදී ලබා ගත් චායාරූප මේ වනවිට මාධ්‍යට නිකුත්ව තිබේ. එම චයාරූපවල තිබෙන කටාර් රාජ්‍යයේ අරමුදල සමග ඔහු සාකච්චා කර තිබේ. මේ අතර 2020 වර්ෂයේ කටාර් රාජ්‍යයේ අරමුදලක් සහිත සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබේ. නමුත් ශ්‍රී ලංකා රජය මගින් එසේ නම් කර තිබෙන බවට වාර්තා මේ වන තෙක්ම අපට ලැබී නැත. එම පැරණි පුවත අපට හමුවන්නේ කොලොම්බෝ ටෙලිග්රාෆ් වෙබ් අඩවියෙනි. අජාස් හිස්බුල්ල හා සම්බන්ධ එම පුවතට අනුව ශ්‍රී ලංකාවේ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයහපත් ක්‍රියාවලියක් දක්නට තිබේ. එම පුවතේ සිංහල පරිවර්තනය පහතින් ඇති අතර අදාළ සබැදිය පහතින් තිබේ.
“ Qatar Charity යනු කටාර් රජයේ ප්‍රධාන පුණ්‍යායතනයයි. 2020 ජූනි මස අග වන විට, කටාර් පුණ්‍යායතනය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර එම ඒජන්සියට ඩොලර් මිලියන 2ක් පරිත්‍යාග කළේය. එම පුණ්‍යායතනය අනෙකුත් ජාත්‍යන්තර ආයතන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ UNICEF සමඟ සමීපව කටයුතු කරයි.
හිස්බුල්ලාගේ නීතීඥවරයා ඊයේ (2020.09.23) පෙන්වා දුන්නේ එම ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳව තමන් නොදන්නා නමුත් හිස්බුල්ලා කොටු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගත් ජාත්‍යන්තර මානුෂීය ආයතනයක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම විහිළුවක් බවයි.
‘කටාර් පුණ්‍යායතනය’ ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරන බවත්, කොවිඩ්-19 වසංගත සමයේදී පවා සහන සැලසීම සඳහා කටාර්හි ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව කටයුතු කළ බවත් ඔවුහු පැවසූහ.
‘කටාර් පුණ්‍යායතනය’ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම මුළු නඩුවම මුල සිටම ගොතන ලද ප්‍රබන්ධයක් බවට පරම සාක්ෂියක් බව නීතීඥවරයා පැවසීය. කීර්තිමත් මානව හිමිකම් නීතීඥවරයා කොටු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුඩා දරුවන් අඛණ්ඩව දින 3ක් දෙමාපියන් නොමැතිව තනිව රැගෙන ගොස් පාපොච්චාරණය සඳහා බලකර ඇති බව ඔවුහු පැවසූහ.
ශිෂ්‍යත්ව ලබාදුන් අඩු ආදායම්ලාභී පවුල්වල අවුරුදු 8ත් 13ත් අතර ළමුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාරයට ගෙන බලහත්කාරයෙන් පාපොච්චාරණය කර ඇති බව මීට පෙර අනාවරණය විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරුවන්ට කටඋත්තර ලියා මාධ්‍යයට හෙළිදරව් කළ බව නීතිඥවරයා එම අවස්ථාවේදී අධිකරණයට පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම කුටියේ සිටියදී දරුවන්ට පින්තූර පෙන්වීමට උත්සාහ කළ නිසා ඔවුන්ව ‘එතනිනේ එළවා දමන්නට’ සිදුවූ බව ද මහේස්ත්‍රාත් දිසානායක විවෘත අධිකරණයට ප්‍රකාශ කළේය.
එම පාපොච්චාරණ මාධ්‍ය වෙත කාන්දු වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කටාර් පුණ්‍යායතනය නම් කිරීම හිස්බුල්ලා කොටු කිරීමේ උත්සාහයන් උත්සන්න කිරීමක් ලෙස සැලකේ. කටාර් පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් ඇති අතර ඔවුන්ගෙන් කිසිවකු ප්‍රශ්න කර හෝ අත් අඩංගුවට ගෙන නැත, නමුත් CID එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත., ලෙස එම පුවතේ සදහන් වේ.
මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් වෙනත් රාජ්‍යන්වල ශාඛා ශ්‍රී ලංකාව තුල පිහිටුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමිනි. ඒ සදහා පිළිගත් ක්‍රම වේදයක් තිබේ. එක්ෂත් ජාතීන්ගේ සංවිධානය සමග සමීපව කටයුතුකරන බව කියවෙන ආයතනයක් මෙන්ම කටාර් රාජ්‍යයේ රජය හා සම්බන්ධ ආයතනයක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කලේ නම් මේ අවස්ථාවේම කල යුත්තේ එම පරීක්ෂණය සිදුකල නිලධාරීන් සොයා ඔවුන්ට විරුද්දව පරීක්ෂණයක් සිදුකර සාක්ෂි නොමැතිව සිදුකල වාර්තා කිරීමක් කර තිබෙන්නේ නම් ඔවුන්ට දැඩි දඩුවම් ලබා දීමයි.