ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසා ඇති බව වාර්තා වේ.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැණු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.