ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314ක පොල්ලක්.

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක්  තවමත් ගෙවා නැතැයි  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසූ බව වාර්තා වේ.

මේ හිඟ මුදල් මෙම අවුරුද්දේදී ගෙවා අවසන් කළ හැකිවේ යැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමුඛත්වය දක්වා මුදල් ලබා දෙන බවද අමාත්‍යවරයා පවසා තිබේ.

Exit mobile version