ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය මගින් 2022 07 05 දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාව හා බැදේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් හඳගිරිය ප්‍රදේශයේ ඉත්තාගල නැමති ගම සහ එම ප්‍රදේශය තුල සිටින ජනතාවට වැසිකිලි වලක්වත් කපා ගැනීමට නොහැකිව සිටී. මෙම පුද්ගලයන්ට තිබෙන ප්‍රශ්නයම තිබෙන එම ප්‍රදේශයේ වෙනත් ගම්මානවලට එම ඉඩම්වල තිබෙන ගැටලූන් විසදා තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම් දෙක.
1.ඉන්ධන නොමැති නිසා විනාශ වන ගොවිතැන ආරක්ෂා කරගැනීමට ඔවුන්ගේ වියදමින් වාරි ඇළ පිරිසකර කරගැනීමට අවසර ලබා දෙන ලෙස.
2. කඩිනමින් ඉඩම් ප්රශ්නය විසදා දෙන ලෙස ( අවුරුදු ගනනාවක් තිස්සේ නිසි බලධාරීන් එම ඉල්ලීම කර තිබේ.)
ඉන්ධන නොමැතිව ජලය ලබාගැනීමට නොහැකිව පුරන්වන කුඹුරු සහ විනාශ වන ගොවිතැන් පිලිබඳව මෙම වීඩියෝවේ සදහන් වේ. ඔවුන්ගේ ඉඩම් ප්රශ්නය විසඳා දෙන ලෙස කරන ඉල්ලීමට අමතරව වනජීවී ඉඩම් හරහා තිබෙන මෙම වාරි ඇළ ඔවුන්ගේ වියදමින් පිළිසකර කරගැනීමට අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීම කරයි .
මෙම ප්‍රදේශයේ ජනතාව ජීවත් වන්නේ මෙම වනජීවී ඉඩම්වල වන අතර ඔවුන් ජීවත් වන්නේ ගොවිතැන් කරමිනි. ගොවිතැන්වලට ජලය ලබා ගන්නේ වතුර පොම්ප වලිනි. ඉන්ධන ප්රශ්නය හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබෙන අතර ගොයම්, ගම්මිරිස් ඇතුළු සියලුම බෝග වගාවන් මේ වන විට මිය යමින් තිබේ.
ඔවුන්ට ජලය ලබා ගැනීමට තිබෙන්නේ අසල තිබෙන වැවෙන් වන අතර ජලය ලබා ගැනීමට වාරි පැරණි වාරි ඇල පිළිසකර කල යුතුව තිබේ. නමුත් එය පිළිසකර කිරීමට වන ජීවී නිලධාරීන් ඉඩ ලබා නොදේ. ඒ හේතුවෙන් මෙම ජනතාවගේ ජීවත් වීමේ මාර්ගද අවහිරව තිබේ.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම සහ මීට පෙර කර තිබෙන ඉල්ලීම් සහිත ලිපි සියල්ලම මෙම සබැඳියෙන් බාගත කරගන්න.
https://drive.google.com/drive/my-drive
අවුරුදු ගනනාවක් පුරා පවතින මෙම ගැටලුව හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රාශියකට මුහුන දී තිබේ. ඔවුන්ගේ මෙම ප්රශ්නය පිලිබදව 2011 වර්ෂයේ සිටම එම ප්‍රදේශය බාර ප්‍රාදේශීය ලේඛම්වරුන් විසින් වනජීවී නිලධාරීන් වෙත ලිඛිතව යොමුකර තිබෙන අතර හිටපු අමාත්‍යවරුද මේ කටයුත්ත කරන ලෙස 2011 සිටම සිටම උපදේශ ලබා දී තිබේ. එසේම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙතද ලිපි ගණනාවක්ම යොමු කර තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය නොහොත් රට විනාශ කිරීමට දායකත්වය දුන් ඔවුන් 2011 සිටම කර තිබෙන්නේ ලිපි මාරු කිරීම පමණි. ජනතාවගෙන් වැටුප් ලබන ඔවුන් ජනතාව වෙනුවෙන් තමන් කල යුතු කිසිවක් සිදුකර නොමැත. එහෙව් රටක මිනිසුන් දුක් විඳින්නේ නැතිව තිබුනොත් එයද පුදුමයකි.
මෙම සිද්ධිය පිලිබදව සිරස tv නාලිකාවද අනාවරණය කර තිබේ. එම වීඩියෝව නරඹන්න.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාව හා බැදී පුවත