මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටි 15 හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට පත්වී ඇත.
අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීර ගතවීම නිසා යාපනය-කෝපායි ප්‍රදේශයේ සිසුවෙක්ට හදිසියේ වැළදුණු හෘදයාබාදයක් නිසා ඊයේ( 29 )යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
මෙම සිසුවා මිය ගොස් ඇත්තේ අධිමාත්රවකින් මත්ද්‍රව්‍ය ශරීර ගත වීම හේතුවෙන් බව පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
වයස අවුරුදු 15ක දරුවෙක් යනු අප දන්නා තරමින් මෙන්ම අප සිතා සිටින අයුරින් හයක් හතරක් හරි හැටි නොතේරෙන සමාජය බිළිබඳ හෝ කිසිදු දැනුමක් නොමැති දරුවෙකි.නමුත් මේ දරුවා මිය යන්නේ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ශරීර ගත්වීමෙන් බවකීවද මෙය ගම්මුන් වැඩිහිටියන් හඳුන්වන්නේ “ඒ කොල්ලා බීලමයි මැරිලා තියන්නේ” වැනි කතාවකි.
අවුරුදු 15ක ළමෙක් බීලා මැරෙන තරමට මේ රට දූෂිත වෙලා ඉවරයි.මේ මත්ද්රව් ලංකාවට එන්නේ කොහෙන්ද?උඩින් පාත්වනවා විම විය නොහැක්කකි.මේ පිළිබඳ සොයා බැලිය යුතු පාලකයන් මෙන්ම වගකිව යුතු නිලධාරීන් අමාත්‍යංශ මෙවන් විපතක් වන තෙක් නොසැලකිලිමත්ව කටයුතු කරනවා ද නැතිනම් මත්ද්‍රව්‍ය රැගෙන එන බලවතුන්ගේ මුදලට යටවී ඒවා සඟවනවාද යන්න නම් අද වන විට සාධාරණ සැකයකි.