15 හැවිරිදි දැරිය අපයෝජනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඊයේ (16) දිනයේ දී , 15 මැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන කටයුතුවලදී  තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර කලවාන ප්‍රදේශයේ දී අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු ලිංගික කටයුතු සඳහා කාන්තවාන් සහ දැරියන් අලෙවි කිරීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

 මේ වන විට මෙම සිද්ධිය  සම්බන්ධයෙන් කරන ලද විමර්ශල කටයුතුවලින් සැකකරුවන් සහ සැකකාරියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විමර්ශනය සිදුකරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා අපයෝජන නිරාවරණ කාර්යංශය එක්ව ය.

Exit mobile version