එරාවුර් ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි සිසුවියක් තම නිවස තුළදී දරු ප්‍රසුතියක් සිදු කළ පුවතක් එරාවුර් පොලීසියට වාර්තා වීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව 15 හැවිරිදි දැරිය දරුවෙකු ප්‍රසුත කර තිබු බවත් එම ප්‍රසුත දරුවා මිය ගොස් සිටි බවත් සදහන් කරයි.
සිසුවිය ගැබ් ගැනීමට හේතු වූ සැකකරු එරාවුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන එක දරු පියෙක් වන අතර නිවසේ ඩෙංගු පරීක්ෂා කිරීමට පැමිණි අවස්තාවක මෙම පුද්ගලයා සමග හාද වී ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව වාර්තා කරයි.
ප්‍රසුත දරුවාගේ සිරුර මරණ පරීක්ෂණයක් සදහා මඩකලපුව ශික්ෂණ රෝහලට රැගෙන ගිය බව සදහන් කරයි. එමෙන්ම සැකකරු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන ඇති බව කියයි.