බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබේ .
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන ලද්දේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් , උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් හෙට (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බවත් ය.
එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ආසිරි වලිසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කරන ලදී .