සුසිල් ප්‍රේමජයන්ත “වැදු මව” විකුණයි. ජාතියේම අනාගතයට තවත් කළු පැල්ලමක් එකතු කරයි. අනාගත පරපුරත් සිංහල භාෂාවත් ඉවරෙටම ඉවරයි.
“මව් භාෂාව “ යනු ලොව ඕනෑම පුද්ගලයෙකු විසින් කථා කරන සහ සිතිවිලි ප්‍රකාශ කරන භාෂාවයි. ඒ අනුව සාමාන්‍යයෙන් පුද්ගලයෙකු චතුර ලෙස කතා භාෂාවද එයයි. ලෝකයේ ඕනෑම දෙයක් සංජානණාත්මකව තේරුම් ගැනීමට සෑම දරුවෙකුටම තීරණාත්මක මෙවලමක් වන්නේද මව් භාෂාවයි. තවද මව් භාෂාව යනු ඕනෑම රටකට සංස්කෘතිමය වශයෙන් මෙන්ම රටක ජාතියක ඉතිහාසයේ සහ අනන්‍යතාවයේ මූලික ප්‍රකාශනයකි.
එසේම රටක වඩාත්ම අවාසිදායක පුද්ගලයන් වන්නේ ජාතික භාෂාවට වඩා මව් භාෂාව වෙනස් වුවන්ය. එය අධ්‍යාපනය, සෞඛ්‍ය, පාරිසරික, ආදායම් විෂමතාව, සූරාකෑමේ අවදානම, පාරිසරික උවදුරුවලට මෙන්ම නීති පද්ධතියට ගොදුරුවීම වැනි දහසක් ගැටලුවලට ලක් වේ. විවිධ ගැටළු ඇතිවීමෙන් වැලැක්වීම සදහා එක්ෂත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 දී සම්මත කරන ලද සහස්‍ර සංවර්ධන ඉලක්ක අට සම්පූර්ණ කිරීමට නම් මව් භාෂාව ඉතාම වැදගත් වේ. ලොව පුරා සිදුකර තිබෙන පර්යේෂණවලට අනුව පෙනී යන්නේ පාසලේ මුල් වසරවලදී දරුවන්ට තම මව් භාෂාවෙන් ඉගැන් වූ විට හොඳින් ඉගෙන ගන්නා බවයි. තහවුරු කර තිබෙන සාක්ෂි වලට අනුව මව් භාෂාව නොවන වෙනත් භාෂාවන් වලින් ඉගෙන ගන්නා දරුවන්ගෙන් එසේ ඉගෙන ගැනීමෙන් සාර්ථක වන්නේ 15%කි. ඒ අනුව පෙනී යන්නේ භාෂා බාධකය ඔවුන් පලදායි ඉගෙනීමෙන් බැහැරකරන බවයි.
මව් භාෂාව වෙනුවෙන් ලෝකයේ ඉගැන්වීම් එසේය. ඒවා නියතය. නමුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (7) ප්‍රකාශ කලේ 2023 වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස භාවිතයට පියවර ගන්නා බවයි. ඊට අමතරව 6 වසරේ සිට ගණිතය සහ විද්‍යාව යන භාෂා දෙකම ඉංග්‍රිෂි භාෂාවෙන් ඉගැන්වීමට කටයුතු කරන බවටද ප්‍රකාශ විය. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ ඒවාට අදාළ බොහෝ වචන ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන නිසා දරුවන්ට අසාධාරණයක් නොවන බවයි. ඒ ගරු අමාත්‍යතුමාගේ පුද්ගලික දැක්ම වුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බිද වැටි තිබෙන්නේ රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය දැක්ම අධ්‍යාපනය තුලින් නිර්මාණය වී නොමැති නිසාය. රට ගොඩනැගීමට නම් මව් භාෂාව සමග දරුවන් ගොඩනැගිය යුතු අතර මෙවැනි විද්‍යානුකූල නොවන තීරණ නිසා තව තවත් බිඳ වැටෙන්නේ මැති ඇමැතීන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින්ගේ දරුවන් නොවේ. මේ වන විටත් නිසි ලෙස කුසට අහරක් නැතිව පීඩා විදින මිලියන 6.6ක් පමණ වන පීඩිත මිනිසුන්ගේ දරුවන්ය. ඊ තාක්ෂළාව වැනි අධ්‍යාපනික වැඩසටහන් වලින් ඉගෙන ගත හැක්කේ මෙරට දරුවන්ගෙන් 30% ක් වැනි ප්‍රමාණයකටය. කොළඹ කුරුදුවත්තේ හෝ බස්නාහිර පළාතේ තිබෙන පහසුකම් කොළඹින් සහ නගරයෙන් පිට පාසල් වල දරුවන්ට නොමැති බව අධ්‍යාපන පරිපාලන උසස් නිලධාරීන් නොදැනීමද මෙරට අධ්‍යාපනයේ නොහොත් පරපුරක විනාශයට හේතුව වේ.
සෑම වසරකම පෙබරවාරි මස 21 වන දින ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරන්නේ 1999දි යුනෙස්කෝ මහා සම්මේලනය මගින් බංග්ලාදේශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් බැවිනි. යුනෙස්කෝ සංවිධානය පෙරමුණ ගෙන තිබෙන්නේ මුල් අවධියේ සිටම මව් භාෂාව පදනම් කරගෙන ඉගැන්වීමට වන අතර මව් භාෂාවෙන් අධ්‍යාපනය ඇතුලත් කිරීමෙන් ගුණාත්මකව ඉගෙන ගැනීමට මෙන්ම අධ්‍යයන කාර්ය සාධනය වැඩි දියුනු කරන බවයි. විශේෂයෙන්ම ප්‍රාථමික පාසලේදී දැනුමේ හිඩැස් මඟහරවා ගැනීමට සහ ඉගෙනීමේ සහ අවබෝධයේ වේගය වැඩි කිරීමට මව් භාෂාව ඉතාම වැදගත් වන බවයි. කෙසේ වෙතත් බහු භාෂා වර්ධනය සමග අමාත්‍යවරයා බලාපොරොත්තුවන අකාරයේ ඉගැන්වීම් සිදුකල හැකි වුවත් එය සිදුකිරීමට පහසුකම් ශ්‍රී ලංකාවේ නැත. අඩුම තරමින් සාර්ථක ගුරුවරුන්වත් ශ්‍රී ලංකාවේ සිටින්නේ 25% ක් පමණය. මව් භාෂාවෙන් නොවන ඉගැන්වීම් නිසා ඔවුන් විභාග ලියන්නේ කට පාඩමිනි. ඔවුන් ඉගෙන ගත්තේ කුමක්ද?, යන්නවත් ඔවුන් නොදනී.
එබැවින් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නවත් නොතේරෙන අධ්‍යාපන බලධාරීන් සිටන රටක තව අවුරුදු කිහිපයකින් ඉතිරි ජනතාවත් ගොන්නු කරන මෙහෙයුම 2023 සිට ක්‍රියාත්මක වන්නේ කටපාඩමින් ඉගෙන ගෙන අධ්‍යාපන බලධාරීන් වූ ඔවුන්ගේම දරුවන්ගේ දරුවන් ගැනවත් නොසිතාවීම අභාග්‍යයක්මය. මව් බස වැරදි ලෙස ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව් බසින් ඉගෙනීම අත් හැරීමද රටේ ඉදිරිගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසිම කල ලොව ඉහලට යන්නේ නැත. අලුත් දේ නොතනන ජාතිය සැමදා දුකින. මව් බස වරද්දා ගෙන දැන් උපාදි ධාරීන් පවා මුල වරද්දාගෙන සිටි. ඕනෑම පුරවසියෙකු අආදරය කරන තමන්ගේ මව් භාෂාව ස්පර්ශීය සහ අස්පර්ෂීය උරුමයන් ආරක්ෂා කරයි.අමාත්‍යවරයාගේ මේ තීරණය හැගීම් දැනීම් නොමැති පරපුරක් සමග සිංහල භාෂාව වැනසීම ස්ථීර ලෙසම සිදුවනු ඇත. ඔවුන්ට අශ්පර්ශ හෝ ස්පර්ශ අහිමිවනු ඇත.
එබැවින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අත් පොත් තබා තිබෙන්නේ ශ්‍රී ලාංකීය සිංහල භෂාව විනාශ කිරීමේ අවසානම කොටසටය. එය දමිල මෙන්ම මෙරට තිබෙන අනෙකුත් භාෂාවන් වලටද පොදුය.
තමා “උපන්බිම මව්බිම” බවත් “මවගෙන් උරුම වූ භාෂාව” මව් භාෂාව බවද මෙරට අධ්‍යාපන ඇමතිට මෙන්ම අධ්‍යාපන බලධාරීන්ට අමතකව තිබේ. “මව් බිමට මෙන්ම මව් බසට” ගරු ඇමතිතුමා ගරු නොකලත් සමස්ථ වැසියන්ගෙන් 75% ක්ම ආදරය කරති. මේ දෙකට මවට සමානව ඔවුන් ගරු කරති. ඒ නිසාම “ ජනනී ජන්මභූමිශ්ච ස්වර්ගාපි ගරියසි” කියති. ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා “ වැදු මවත්, මව් බිමත්” විකිණීමට අවශ්‍ය සියලුම දේවල් සිදුකර අවසන්ය.