අද (24) අලුයම අවසන් කෙරුණු යුක්තිය පැය 24ක මෙහෙයුම් තුළින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව සදහන්.
එමෙන්ම තවත් පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්යංශය පවසා තිබේ.