දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද (30) දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ගමන්වාර 16 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්රකාශ කළ බව වාර්තා වේ .
ඔහු වැඩි දුරටත් ප්රකාශ කර සිටියේ දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකර ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් , මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වූ බවත් ය.