මඩකලපුව ප්‍රදේශයේ සිට ඕස්ට්‍රේලියාවට බෝට්ටුවක් මගින් නීතිවිරෝදී ලෙස යාමට සුදානමින් සිටි 16 දෙනකු ඊයේ (15) දින පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මඩකලපුව ප්‍රදේශයේ කුලී නිවසක මෙලෙස කණ්ඩායමක් සිටින බවට දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් යොදවා කොකුවිල් ප්‍රදේශයේ ස්විස් ගම්මානයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙනතිබේ.
මෙම කණ්ඩායමට නවාතැන් පහසුකම් ලබා දුන් නිවෙස් හිමි කරුද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
නීති විරෝදී මිනිස් ජාවාරම් කරුවකු මෙම කණ්ඩායමෙන් මුදල් ලබාගෙන මඩකලපුව ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවක් මගින් නීතිවිරෝදී ලෙස යැවීමට එම ජාවාරම් කරු සුදානමින් සිට ඇති බවයි පැවසෙන්නේ.
එලෙස සිටි කණ්ඩායම අතර ගැබිණි කාන්තාවන් තිදෙනකු, කුඩාදරුවන් තිදෙනකු, කාන්තාවන් 5 දෙනකු හා පිරිමි පුද්ගලයන් 8 දෙනකු සිටි බව පොලිසිය සදහන් කරයි.
මොවුන් සියලු දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.