ශ්‍රී ලංකාවේ අප මේ ගෙවන්නේ දූෂිතයන්ගේ සහ වංචනිකයන්ගේ රාජ්‍ය පාලනයට යටත්වය. එම දූෂිත සහ වංචා කිරීමේ බලය රාජ්‍ය පරිපාලන සේවයේ සිට විදුහල්පතිවරුන් දක්වාම සිදුවන්නේ රාජපක්ෂවරුන් විසින් හදුන්වාදුන් දූෂිත ක්රමයන් හේතුවෙනි. එය දැන් පිළිකාවක් සේ ශ්‍රී ලංකාව පුරාම පැතිරී අවසන්ය.
බම්බලපිටිය මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනිය පාසලට ශිෂ්‍යාවන් ඇතුලත් කර ගැනීම සදහා අල්ලස් ලබාගැනීම සිදුකරන්නේ ආදී ශිෂ්‍ය සංගමය හරහා බවට පුවතක් වාර්තාවන අතර එහි ආදී ශිෂ්‍ය සංගමයද තර්ජනාත්මකව මුදල් එකතුකරන බවද සාක්ෂි සහිතවම අප වෙත ලැබී තිබේ. එසේම අවුරුදු 5 කින් ආදී ශිෂ්‍ය සංගමයේ මහා සභාවක් රැස්ව නැතිබවද කිය වේ.
2017 වර්ෂයේ සිටම ආදී ශිෂ්‍ය ඝණය යටතේ දරුවන් ඇතුලත්කර ගැනීම සදහා මෙසේ අල්ලස් ලෙස මුදල් සහ අමුද්‍රව්‍ය ලබා ගන්නා අතර මේ වන විට 2024, 2025 වර්ෂයේ දරුවන් ඇතුලත්කරගැනීම සදහාද මේ වන විට අල්ලස් ලබාගනිමින් තිබෙන බව සාක්ෂි මගින් අනාවරණය වේ.
මෙම පාසලේ විදුහල්පතිනියගේ ගමන් බිමන්, මෙන්ම ඇයගේ නඩු සදහාද ආදී ශිෂ්‍ය සංගමය මගින් මුදල් ලබා දී තිබෙන බවද පාසලේ ක්‍රීඩා උත්සව ඇතුළු සෑම උත්සවයකටම මෙසේ අධික ලෙස මුදල් ලබාගන්නා බවද, දෙමාපියන්ගේ තරාතිරම අනුව සහ දෙමාපියන් වියදම් කරන මුදල් අනුව දරුවන්ට පාසලේ විවිද තනතුරු ලබාදෙන බවද කිය වේ.
ආදී ශිෂ්‍ය සංගමයේ ප්‍රියන්ති පෙරේරා නැමති කාන්තාවක් එහි විදුහල්පතිනිය සමග එක්ව මෙසේ මූල්‍ය වංචාව සිදුකරන බවද ඒවා විගණනය කර නැතිබවද කියවේ. එසේම විදුහල්පතිනියගේ සියලුම වියදම් දරන්නේ ආදී ශිෂ්‍ය සංගමයෙන් බවද විවිද කටයුතු පෙන්වා දෙමින් මුදල් අයකරන්නේ සෑම වසරකම පලමු වසරට දරුවන් ඇතුලත්කර ගැනීමට බවද කියවේ.
ජෙනරේටර් 02 ක් ගැනීම සදහා 2024 සහ 2025 දරුවන්ගෙන් මුදල් ලබා ගනිමින් සිටින අතර ගුරු දිනයට රුපියල් 5000, ලෝක ළමා දිනයට රුපියල් 5000, ක්‍රීඩා උත්සවයට 5000, පාසලේ පිරිතට රුපියල් 5000 බැගින්ද එකතුකර තිබෙන අතර මෙම කටයුතු සදහා සමස්ත පාසලේම පන්ති කව මගින්ද මුදල් එකතුකර තිබේ.
ගරාජයට, රෝලර් දොර, ගිලන් කාමරයට පාසලට ඇතුලත් කරගන්නා එක් දරුවෙකුගෙන් රුපියල් 25000 ක් පමණ වන මුදලක්ද, ප්‍රමාද වී අයදුම්පත් ලබාදෙන පුද්ගලයන්ගෙන් දරුවන් ඇතුලත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ 6 ක් එකතුකරන බවද අපට සාක්ෂි ලැබී තිබේ. එසේ මුදල් එකතුකරනුයේ ද ආදී ශිෂ්‍යාවන්ගෙන් බවද සදහන් වේ. එසේම මෙම පාසලේ විනය කමිටුවක්ද නැති අතර මෙම පාසලේ දියණිය 10 දෙනෙක් බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට සැප්තැම්බර් 28 දින උදේම ගොස් තිබෙන අතර පොලීසිය මගින් නැවතත් ඔවුන් පාසලට ගෙනත ඇරලවා තිබේ.
එසේම අවුරුදු 25 ක් පමණ වන දුල්ෂි සවින්ධ්යා නැමති තරුණියක් ආදී සිසු සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමට ගිය අවස්ථාවක පාසලෙන් එලියට පැමිණීමට ඉඩ නොදීමක් නිසා බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිලිකරතිබෙන අතර එම පැමිණිල්ල අද සමථ මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඇයට කෲර සහ අවමන් ලෙස සලකා ඇති අතර අයුතු ලෙස අවහිර කර තිබේ.
ගරු අධ්‍යාපන ඇමතිතුමනි, මේ පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අගතියට පත්ව පීඩා විදින දෙමාපියන් ඔබගෙන් ඉල්ලා සිටී. සාක්ෂි කිහිපයක් පමණක් මෙහි සදහන්කර තිබෙන අතර විමර්ශනයක් සිදුකරන්නේ නම් සියලුම සාක්ෂි අධිකරණ නියෝගයකින් තොරව අප විසින් ලබාදෙන්නෙමු.