ඊයේ (11) හවස හතරේ සිටම ශ්‍රී ලාංකික යම් ප්‍රභූ කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් පිට වීමට උත්සාහ කරමින් සිටින බව විවිධ වාර්තා වල දැක්විණි. මේ වන විට ලොකුම ගැටළුව ජනාධිපති ඉන්නේ කොහෙද යන්නයි. කොහේ සිටියත් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සදහා ශ්‍රී ලංකාවෙන් පළා යනවා හැර වෙනත් විකල්පයක් නැත.
අද උදෑසන වාර්තා වුයේ බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට ගොස් කටුනායක ගුවන් තොටුපොලේදී ආපසු ඒමට සිදු වූ සිදුවීමයි. බොහෝ වාර්තා සදහන් කරන්නේ ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේ රැදී සිටින බවයි. නමුත් ඒවා තහවුරු නොකරන ලද තොරතුරුය. කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් එක හෙලාම පවසන්නේ ඔවුන් අත් අඩංගුවට ගෙන, විදේශ රාජ්‍ය වල සඟවා තිබෙන ශ්‍රී ලංකාවේ මුදල් නැවත ගෙන්වා ගත යුතු බවයි.
ශ්‍රී ලංකාව තවමත් ප්‍රජාතාන්ත්‍රික රටකි. මිනිසුන් තවමත් ම්ලේච්ඡ වි නැත. ම්ලේච්ඡ මිනිසුන් කිහිප දෙනෙකු අප දැක්කේ ශ්‍රී ලංකා පොලිසියෙන් පමණි. එහෙත් එවැනි පුද්ගලයන් දුටුවේම අතලොස්සකි.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු ඉවත් වන්නේ හෙට (13) ය. ජනතාව ප්‍රතික්ෂේප කලද තවමත් නීතියට අනුව ජනාධිපති වන්නේ ඔහු බැවින් ආරක්ෂක අංශ විසින් ඔහුව ආරක්ෂා කල යුතුය. ඔවුන් කල අපරාධවලටද දඩුවම් ලැබිය යුත්තේ නීතියට අනුවයි. ඒ ඔවුන් පසු බැස සිටින බැවිනි.
මේ අතර මීට සුළු මොහොතකට පෙර අපට වාර්තා වුයේ රාජපක්ෂවරුන් බවට සැක කල හැකි කණ්ඩායමක් මේ වන විට මත්තල ගුවන් තොටුපොලෙන් උගන්ඩාව බලා පිටත්ව යාමට සුදානම් වන බවයි. එම කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවලින් ඒ වෙත ගමන් කරන බවද කියවේ. නමුත් එම තොරතුරු සත්‍ය තොරතුරක් ලෙස තහවුරු කරගැනීමට අප අපොහොසත් විය. නමුත් ලැව් ගින්නක් සේ රට පුරාම ජනතාව ගුවන් හමුදාධිපතිවරයාට දැඩි අප්‍රසාධයක් එල්ලකරමින් සිටී. කෙසේ වෙතත් එය සත්‍යයක් නම් හෝ එහි අධිකරන නියෝග මත මෙරටින් පිටවීම තහනම් කරන ලද පුද්ගලයන් සිටියේ නම්, ඔවුන් එම ගුවන් යානා වලින් මත්තල ගුවන් තොටුපොළට ගොස් එයින් ගුවන් ගත වුවහොත් එහි වගකීම ගැනීමට සිදු වන්නේ ගුවන් හමුදාධිපතිටය.
අධිකරණ නියෝග නොමැති ඕනෑම පුද්ගලයෙකුට මෙරටින් පිටවිය හැකිය. රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණ නියෝගයක් ගෙන ඇති බවක් වාර්තා නොවේ. එබැවින් කල යුත්තේ වහ වහාම ඔවුන්ට රටින් පිටවීම වැලැක්වීම සදහා අධිකරණ නියෝග ලබා ගැනීමයි. නමුත් ජනාධිපතිට එරෙහිව එවැනි නියෝගයක් ගැනීමට නොහැක.
රාජපක්ෂවරුන් ඇතුළු නඩය නීතිවිරෝදී වැඩ කල බැව් අමුතුවෙන් කිව යතු නොවේ. නමුත් ඔවුන්ගෙන් පසුව අප මෙරට නැවත ගොඩ නැගිය යුතුය. ඒ වෙනුවෙන් අප කල යුත්තේ රාජපක්ෂවරුන්ගේ මාර්ගය ගැනීම නොවේ. හැකි තාක් නීතියට පමණක් වැඩ කරමින් විනාශ වූ ප්රතිරූපයන් නැවත ගොඩ නැගිය යුතුය. යුධ, ගුවන්, නාවික මෙන්ම පොලිස්පතිවරයාද තවමත් ජනාධිපතිගේ අණට වැඩ කල යුතුය.ම් ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කල යුතුය. නමුත් හෙටින් (13) පසුව ගෝඨාභගේ හෝ රාජපක්ෂවරුන්ගේ අණට කීකරු වීමට ගියහොත් හෝ ඔවුන් ආරක්ෂා කිරිම සදහා අසීමිත බලයක් භාවිතා කිරීමෙන් ආරක්ෂක ප්රධානීන්ටද දැඩි ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇත.