17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුව ඇති බව වාර්තා වේ.

ඇයගේ ගෙල කපා ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරෙන අතර මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version