මාර්ගයට ගල් පෙරළීමෙන් වාහන ධාවනයට බාධා එල්ල වීම හේතුවෙන් 18 වංගුව ප්රදේශය පෙරේදා රාත්රියේ වසා දැමුණු අතර මාර්ගයේ එක් මංතීරුවක් පමණක් වාහන ධාවනයට විවෘත කෙරුණේ ඊයේ (05) පස්වරුවේ සිටයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් අද පෙරවරුවේ එහි ගොස් තිබූ බවට වාර්තා වන අතර එම සංවිධානයේ නායයෑම් අංශයේ අධ්යක්ෂක අචාර්ය ගාමිණී ජයතිලක මහතා සදහන් කර ඇත්තේ මාර්ගය සම්පූර්ණයෙන් ව්වෘත කිරීම පිළිබඳව නිර්දේශ කඩිනම්න් ලබා දෙන බවත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසා දමා ඇති මංතීරුව ඉදිරි දින කිහිපයේදි විවෘත කිරීමට කටයුතු කරන බවත්ය.