ජලාශ 18 ක් වාන් මට්ටමේ.

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රාජාංගනය, යාන්ඔය, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාෂ 18ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් , ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම 50% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , එය අක්කර අඩි අට ලක්ෂ 15 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය වැඩි දුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version