ගල් අගුරු මෙට්‍රික් ටොන් 180000 ක් ලංකාවට.

ලංකා ගල් අගුරු සමාගමේ සභාපති වරයා ප්‍රකාශ කොට ඇත්තේ ගල් අගුරු මෙට්‍රික් ටොන් 180000 ක් පුත්තලමට පැමිණ ඇති බවයි.

ඒ මෙට්‍රික් ටොන් 60000 බැගින් අඩංගු නෞකා තුනකින් බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණ ඇති ගල් අගුරු මේ වන විටත් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී  මෙම ගල් අගුරු විදුලි නිෂ්පාදන බලාගාර වෙතයැවීමට කටයුතුකරන බවත් සභාපති වරයා ප්‍රකාශ කර තිබේ.

ඒඅනුව ඉදිරියේදී කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවයි සදහන් වන්නේ

Exit mobile version