එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවට ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවයි.