මෙරට පවතින ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193ක් අලාභ ලබන බවට අනාවරණය වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කළ වාර්තාවට අනුව
එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ .
ඒ අනුව පසුගිය වසර තුළ ලංකා සතොස ලබා ඇති අලාභය රුපියල් මිලියන 288ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බව වාර්තා වේ .
නමුත් මේ වසරේ ගත වූ මාස 10 තුළ ලංකා සතොස ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී .