ශ්‍රී ලංකාව තුල වෙලාවට, ක්‍රමවත්ව, නිවැරදිව, ක්‍රියාශීලීව මහජනතාවට සේවය සලසමින් දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට මහගු සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව පවතින තත්වය හමුවේ තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බව මහා භාණ්ඩාගාරය විසින් පවසා ඇති බව වාර්තාවේ.
මහා භාණ්ඩාගාරය ප්‍රකාශකොට ඇත්තේ තමන් හට තවදුරටත් 1990 සුව සැරිය වෙනුවෙන් පූර්ණ ලෙස අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි.
මෙම හේතුවෙන් 1990 අධ්යක්ෂ මණ්ඩලය විසින් නව ව්‍යාපෘතියක් දියත් කරමින් ගිලන් රථයක භාරකාරීත්වය මහජනතාවට භාරගන්නා ලෙස ආරාධනය කර සිටින අතර තනිපුද්ගලයින්ට හා ආයතන සඳහා මේ වෙනුවෙන් ඉදිරිපත් විය හැකි බව දන්වාතිබේ.
එලෙස එක් ගිලන් රථයක භාරකාරත්වය ලබාගනීමසදහා හදුන්වාදී ඇති මුදල වන්නේ ලක්ෂ 50කි.
ශ්‍රී ලංකාව තුල මේවන විට 1990 සුව සැරිය යටතේ ඇති සමස්ත ගිලන් රථ ප්‍රමාණය 297 ක් වන අතර ඒවා මුළු දිවයිනම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක වේ.