‘1990’ සුවසැරියත් අතරමග නවතින ලකුණු .

සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසූ බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන් රථ 21 න් ගිලන් රථ 8 ක් පමණක් මේ වන විට සේවයේ යෙදවීමට අවස්ථාව උදාවී ඇති බව කී එම නිලධාරියා එහි සේවය කළ රියදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බව ද සඳහන් කර තිබේ.

සුවසැරිය ගිලන්රථ සේවයේ සේවය කළේ යන සේවා සහතිකයට විදේශ රටවල්වල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් එම ගිලන් රථ සේවයේ සේවකයන් විදේශගත වීම ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසා තිබේ. 

Exit mobile version