කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න වාර්ෂිකව බිලියන 2.12ක්.

කොළඹ නගරය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතිය , රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 2.12 ක වියදමක් දැරීමට සිඳු වන බව මේ සම්බන්ධව සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් කර ඇති බවට වාර්තා වේ.

වාර්තා වන ආකාරයට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ව්‍යාපාර ආකෘතියක් යටතේ ඝන අපද්‍රව්‍ය කළමනකරණ ව්‍යාපෘතිය පවත්වාගෙන යාමෙන් රජයට යම් කිසි ලාබාංශයක් ලැබිය හැකි බවයි.

Exit mobile version