හාලිඇළ නායයෑමකින් වෙළෙඳසැල් 2ක් විනාශයි.

හාලිඇළ නගරයේ අද (15) දහවල් නාය යෑමක් සිදු වී ඇති බව වාර්තා වේ.

හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති බව වාර්තා වේ.

පස් කන්ද කඩා වැටීමෙන් ඒ අසල තිබුණු කුඩා වෙළෙඳසල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර, වෙළෙඳසලේ සිටි වෙළෙඳුන් දෙදෙනා එළියට පැන බේරී ඇත.

මාර්ගයට ද විශාල ගල් දෙකක් පෙරළී ඇති අතර, එම අවස්ථවේ පදික වේදිකාව තුළ කිසිවෙකු නොසිටි නිසා විශාල අනතුරක් වැළකී ගොස් තිබේ.

අනතුරත් සමඟ නාය යාමේ අවදානමට ලක් වූ තවත් වෙළෙඳසැල් පහක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

මේ වන විට හාලිඇල පොලීසිය සහ අදාළ බලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version