ඊයේ (27) පැවති ඉන්දීයාව හා නවසීලන්තය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 21 කින් ජය වාර්තා කරණ ලදී.
නවසීලන්ත ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දු ඕවර් 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 176ක් ලබාගත් අතර ඉන්දීය පිතිකරුවනට පන්දු ඕවර් 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 155ක් පමණි