20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදවා ලකුණු 33 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙල්බන්හි පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 188 ක්.
මෙහිදී කුසල් මෙන්ඩිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් මුළු ලකුණු 54 ක් රැස් කළා.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයීදී කඩුලු 5 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි.