රට තුළ පවත්නා කොවිඩ වසංගත තත්ත්වය හේතුවෙන් කල්දමන ලද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇති සියලුම පාසල් විභාග පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ඇතිව පහත සඳහන් දිනයන්හිදී අදාළ විභාග පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි 22 වන සෙනසුරාදා දිනයේත්,
අ.පො.ස.(උසස් පෙළ) විභාගය 2022 පෙබරවාරි 07වන සඳුදා දින සිට 2022 මාර්තු මස 05 වන සෙනසුරාදා දින දක්වාත්,
අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය 2022 මැයි 23 වන සඳුදා දින සිට 2022 ජුනි 01 බදාදා දක්වාත් පැවැත්වීමට තීරණය කර ඇත.
පාසල් විවෘත කිරීමෙන් අනතුරුව සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා කාලයක් ලබාදීම සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු සඳහා ද විභාග කටයුතු සංවිධානය කිරිම සඳහා යම් කාලයක් ලබා දීම ආදී කරුණු කිහිපයක් ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණ ගෙන ඇත.