රුපියල් බිලියන 15කට අධික මත්ද්‍රව්‍ය තොගයක් 2021 වර්ෂය තුළදී කරන ලද මෙහෙයුම් තුළින් නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කරන්නේ එම මත්ද්‍රව්‍ය තොග සෙසු බුද්ධි අංශ සමග එක්ව මෙරට මුහුදු සීමාවේ මෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාවේ කරන ලද වැටලීම්වලදී සිය භාරගයට ගන්නා ලද බවයි.
ඒ අනුව මෙම මෙහෙයුම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,268කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයින් ඇතුළු සැකකරුවන් 141 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන් ම 2021 වසර තුළ දී අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සැකකරුවන් සංඛ්‍යාව 327ක් වන බවත් කොරළ ගංජා කිලෝග්‍රෑම් 7,095ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 158ක්, හෂීස් කිලෝග්‍රෑම් 88ක් ඇතුළුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොග රැසක් මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.