2021 – 2022 විශ්ව විද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත් කැඳවීමට දින නියම වේ.

විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 වන දායින් ආරම්භ කෙරෙන බව නිවේදනය කර ඇත.

ලබන මස 23 වනදා දක්වා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත.

ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම දරුවන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමේ දී යම් ගැටලුවක් අන්තර්ජාලය හරහා ඇති වුවහොත් ඔවුන්ට පුළුල් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ පැය 24 පුරාවට විවෘතව පවතින 1919 අංකය ඔස්සේ ඊට සම්බන්ධ වීමේ හැකියාව පවතින බව ද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

Exit mobile version