2022අප්‍රේල් මස 29 දින සඳහා කාලගුණ අනාවැකිය

2022අප්‍රේල් මස 29දින උදෑසන 05.30ටනිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ කාලගුණ අනාවැකිය .

“දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවලද, මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ”.

ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

Exit mobile version