2022 වර්ෂය සඳහා වන අයවැය ප්‍රකාශය අද (12) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද ප.ව.02.00 ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කර ඇත.
මෙම අයවැය ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ප්‍රකාශය වන අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව ද වේ.
මුදල් අමාත්‍යවරයා විසින් ඔක්තෝම්බර් මස 07 වන දා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර හෙට (13) සිට එළඹෙන 22 වනදා තෙක් දින 07ක කාලයක් මෙම අයවැය වාර්තාව දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන් ම අයවැය තෙවන වර කියවීම සදහා වන ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතය.
මෙම අයවැය ඉදිරිපත් කරන කාලසීමාව තුළදී පාර්ලිමේන්තු මහජන ගැලරිය මහජනතාවට විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් සහභාගී වීමේ අවස්ථාව ලබා දී ඇත.