අද 2022 මාර්තු 28 දින පෙ.ව. 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනය පහත දැක්වේ.
“බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි”.