2023අප්‍රේල් මස 01 දින සඳහා කාලගුණ අනාවැකිය

2023අප්‍රේල් මස 01 දින උදෑසන 05.30  නිකුත්කරන ලදි.

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version